සිමෝන් සහ පේරෝ Cimon And Pero
සිමෝන් සහ පේරෝ Cimon And Pero
ඔබ මේ දකින්නේ ලොව අග්‍රගන්‍ය සිතුවම් දෙකකි. මේ සිතුවම් දෙකටම පාදක වී ඇත්තේ එකම කතාවය, එකම චරිතය නමුත් හැඩ රුව ඇඳ ඇත්තේ එකිනෙකාට වෙනස් අයුරිනි. මක් නිසාද කතාවේ එන චරිත ලොව කිසිවෙක් මෙතෙක් දැක නොමැති නිසාය.
මෙහි ප්‍රථමයෙන් ඇත්තේ 1612 දී Peter Paul Rubens නැමැති ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියා ඇදි සිතුවමයි. දෙවැන්න සිතුවම් කර ඇත්තේ මේ මැතකදීය. එනම් 2011 දිය. ඒ ලොව කීර්තිමත් චිත්‍ර ශිල්පියෙකු ලෙස නමක් දිනා සිටින රුසියාවෙි Max Sauco විසිනි.
මේ සිතුවම් ද්විත්වය හා තවත් බොහෝ චිත්‍ර ශිල්පීහු සිතුවමට නැගු පෝරෝ සහ සිමොන් සිතුවම්වලට පාදක වන්නේ වැලීරියස් මැක්සිමස් නැමැති රෝමන් ඉතිහාසකතාකරුවා ලියන ලද a great act of pietas නම් කෘතියේ එන ඉපැරණි රෝමන් සිතුවම් දෙකක් හා එයට නිමිත්තවු ඔහුගේ කතාවයි.
ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ පොම්පෙයි නුවර සිරගෙදරක සිමොන් යනුවෙන් හදුන්වන එක් වයසක මිනිහෙක් සිර ගත කර සිටියේය. ඔහුට පාලකයෝ ආහාර නුදුන් අතර ඔහු සිටියේ මිය යමිනි. මිය යමින් සිටින මෙි මිනිසා බැලීමට දිනක් ඔහුගේ දියණිය වන තරුණ පේරෝ පැමිණියාය. අණතුරුව ඇය දිනපතා මේ සිරකරුවා බැහැ දකින්නට පැමිණි අතර සිමොන් සිටියේ මරණයෙන් ගොඩ එමිනි. දිනක් හදිසියේ මේ සිර කුටිය ලගට ආ බන්ධනාගාර නිලධාරියෙක් දුටුවෙි තරුණිය සිය තන පුඩුව පියාගේ මුවට ලං කරන අන්දමයි .ඔහු මෙය සිය බලධාරින්ට වාර්තා කලේය. බලධාරීන් පැවසුයේ සැබෑ දයාව සහ ආදරය යනු මෙයයි. අපි ඔබේ පියා නිදහස් කරනවා පමණක් නොව ඔහු මිය යනුතුරුම ඔහුට රජයෙන් ආහාරද සපයනු ඇති බවයි.
මෙයට අදාළ මුල් සිතුවම
ලෝකයේ බොහෝ රටවල කීර්තිමත් චිත්‍ර ශිල්පීන් විසින් මේ දෙදෙනාව තමන් දකින පේරෝ සහ සිමොන්ට අනුව චිත්‍රයට නගා ඇත.
උපුටාගත්තේ අන්තර්ජාලයෙනි...
ඔබ මේ දකින්නේ ලොව අග්‍රගන්‍ය සිතුවම් දෙකකි. මේ සිතුවම් දෙකටම පාදක වී ඇත්තේ එකම කතාවය, එකම චරිතය නමුත් හැඩ රුව ඇඳ ඇත්තේ එකිනෙකාට වෙනස් අයුරිනි. මක් නිසාද කතාවේ එන චරිත ලොව කිසිවෙක් මෙතෙක් දැක නොමැති නිසාය.
මේ සිතුවම් ද්විත්වය හා තවත් බොහෝ චිත්‍ර ශිල්පීහු සිතුවමට නැගු පෝරෝ සහ සිමොන් සිතුවම්වලට පාදක වන්නේ වැලීරියස් මැක්සිමස් නැමැති රෝමන් ඉතිහාසකතාකරුවා ලියන ලද a great act of pietas නම් කෘතියේ එන ඉපැරණි රෝමන් සිතුවම් දෙකක් හා එයට නිමිත්තවු ඔහුගේ කතාවයි.
ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ පොම්පෙයි නුවර සිරගෙදරක සිමොන් යනුවෙන් හදුන්වන එක් වයසක මිනිහෙක් සිර ගත කර සිටියේය. ඔහුට පාලකයෝ ආහාර නුදුන් අතර ඔහු සිටියේ මිය යමිනි. මිය යමින් සිටින මෙි මිනිසා බැලීමට දිනක් ඔහුගේ දියණිය වන තරුණ පේරෝ පැමිණියාය. අණතුරුව ඇය දිනපතා මේ සිරකරුවා බැහැ දකින්නට පැමිණි අතර සිමොන් සිටියේ මරණයෙන් ගොඩ එමිනි. දිනක් හදිසියේ මේ සිර කුටිය ලගට ආ බන්ධනාගාර නිලධාරියෙක් දුටුවෙි තරුණිය සිය තන පුඩුව පියාගේ මුවට ලං කරන අන්දමයි .ඔහු මෙය සිය බලධාරින්ට වාර්තා කලේය. බලධාරීන් පැවසුයේ සැබෑ දයාව සහ ආදරය යනු මෙයයි. අපි ඔබේ පියා නිදහස් කරනවා පමණක් නොව ඔහු මිය යනුතුරුම ඔහුට රජයෙන් ආහාරද සපයනු ඇති බවයි.
මෙයට අදාළ මුල් සිතුවම
ලෝකයේ බොහෝ රටවල කීර්තිමත් චිත්‍ර ශිල්පීන් විසින් මේ දෙදෙනාව තමන් දකින පේරෝ සහ සිමොන්ට අනුව චිත්‍රයට නගා ඇත.
උපුටාගත්තේ අන්තර්ජාලයෙනි...
No comments
Post a Comment