උසස් පෙළ රසායනික විද්‍යාව ප්‍රශ්න
උසස්පෙළ විභාගයේ අද (19) පැවැති රසායන විද්‍යාව II ප්‍රශ්න පත්‍රය අවසන් වී විභාග ශාලාවෙන් එළියට පැමිණි ගම්පහ පාසලක සිසුවියන් පිරිසකට බෙදූ බව කියන අත්පත්‍රිකාවක රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ තිබූ ප්‍රශ්න හා සමාන ප්‍රශ්න 3ක් තිබුණු බව සිසූහු පවසති.
තමාට දුන් අනුමාන ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 3ක් මෙවර විභාගයට පැමිණ ඇති බවත්, ලබන වසරේ සිට ගම්පහ ප්‍රදේශයේ පන්ති ආරම්භ කරන බවත් එම පත්‍රිකාවේ සඳහන් විය.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ උපකාරක පන්ති තරඟයේ ප්‍රතිඵලයක් ලෙස මෙය සිදුවී ඇති බවයි. මේ නිසා සිසුන්ගේ මානසිකත්වය බිඳ වැටෙන බවද ඔහු කීවේය.
No comments
Post a Comment