අනුර කුමාර රාජිතට දාපූ කිංඩිය
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියව ජනාධිපතිවරයා ලවා ඉවත් කළේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද (23) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
මෝදර ධීවර වරාය සඳහා රජයේ තක්සේරුව රුපියල් ලක්ෂ 17ක් ව තිබියදී එය මසකට එක්ලක්ෂ 25000කට බදු දුන් බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියා සිටියේ.
අමාත්‍යවරයාගේ හදවත් රෝගය සඳහා සිංගප්පූරු එළිසබත් රෝහලේ ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 100ක් රැගෙන ගිය බවද ඔහු එහිදී කියා සිටියා.එය මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ හිඟනකමක් ලෙසයි.
"බුරලා ඉවරද..මොන හිඟන්නෙක් ද." වැනි වචනද එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයා සඳහන් කර සිටියා.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද (23) පාර්ලිමේන්තුවේදී කළ සඳහන පහතින් ඇසිය හැකියි.
No comments
Post a Comment