Breaking News

Latest

ටීම් එකට අලුතින් ආපු ලංකාවෙ අයට බැරි ඉන්දියාවේ අලුත් අයට පුළුවන් දෙ

ලංකාවට චියර් කරන්න ගිය රසිකයන්ව ශ්‍රී ලංකාවේ ක්‍රිඩකයන් නොසලකා හැරලා හැරලා - ඉන්දීය ක්‍රීඩකයන් ලග තිබු මනුස්සකම .! 


ටෙස්ට් තරගයක් බලන්න යන රසිකයො ගොඩක් අඩුයි.
ඒත් තමන්ගෙ කාළය මුදල් වැය කරලා රට වෙනුවෙන් චියර් කරන්න ටෙස්ට් මැච් එකක් බලන්න යන්නෙ හදවතින්ම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙ රසිකයො.
අද සිංහල පිටියෙ තිබුනු තරගය බලන්න උදේම ගිහිල්ලා දවසම ශ්‍රී ලංකාව චියර් කරපු කණ්ඩායමක් හමු උනා. 
 

ශ්‍රී ලංකාව වෙනුවෙන් කෑ ගහලා ඔවුන්ට හරියට කතා කරගන්නත් බෑ.
ඉතින් තරගය ඉවර වෙලා ක්‍රිඩකයො ග්‍රවුන්ඩ් එකෙන් හෝටලයට යන්න එද්දි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිඩකයො එක්ක ඡායාරූපයක් ගන්න මේ රසිකයන්ට අවශ්‍ය වෙලා.
එතනින් එවිටම යමින් හිටපු ශ්‍රී ලංකා යොවුන් ක්‍රිඩකයන් කිහිප දෙනෙකුට මේ රසිකයො ඡයාරූපයකට කතා කරලත් ඔවුන් මූන බලලාවත් නෑ.

මොරටුවෙන් ආපු නවක ක්‍රිඩකයෙක් සහ කුමාර් සංගක්කාරගේ පාසලෙන් පැමිණි යොවුන් ක්‍රිඩකයෙක් තමයි මෙලෙස රසිකයන් කතා කරද්දිත් ගණන් නොගෙන ගිහින් තියෙන්නෙ. අඩුම තරමේ "දැන් බෑ" කියලා වචනයක් හෝ කතා කරලා නෑ.

නමුත් එතනින් ආපු ඉන්දීය ක්‍රිඩකයන් ලංකාව වෙනුවෙන් චියර් කරපු ලංකාවේ රසිකයන්ගේ දුරකතන අරගෙන , සියලු දෙනාම ආවරණය වෙන විදියට සෙල්ෆි ඡායාරූප අරගෙන අපෙ රසිකයන්ට දීලා..
මේ රසිකයන්ට අපගේ ක්ෂණික ප්‍රතිචාරය වුනෙ බෝහො ශ්‍රී ලංකා යොවුන් ක්‍රිඩකයන් හිස උදුම්මවාගත් චරිත බවත් මෙවැනි සිදුවීම් මින් පෙරත් ඕනෑ තරම් දැක තිබෙන බවයි. 

එසේ නොවන රසිකයන් සමග සුහදව සිටිනා ශ්‍රී ලංකා ක්‍රිඩකයන් සිටින අතර ඇන්ජලො මැතිවුස් , ධම්මික ප්‍රසාද් , රංගන හේරත් , දිනේෂ් චන්දිමාල් , උපුල් තරංග , නුවන් කුලසේකර වැනි ජ්‍යේෂ්ඨ ක්‍රිඩකයන්ට ඒ සදහා ලැබිය යුතු ගෞරවය ලබා දිය යුතුමයි.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් , ඉන්දීය ක්‍රිඩකයන්ගෙන් ක්‍රීඩා කිරීමට මෙන්ම මනුස්සකමද ඉගෙන ගත යුතු බව අප කියන්නේ මේ නිසායි.




මුලාශය one team one nation

No comments