Breaking News

Latest

ඩොනල්ඩ් ටරම්ප්ට ඇමෙරිකාවේ ජනාධිපති වීමට වැඩියෙන්ම උදව් කළේ බැරැක් ඔබාමා | 2016.11.11


ලෝක බලවතා ලෙස සළකන ඇමරිකාවේ බොහොමයක් අනාවැකි සහ සමීක්ෂණ වාර්තා පුස්සක් කරමින් රිපබ්ලිකන් අපෙක්ෂක ඩොනල්ඩ් ටරම්ප් සෙනට් සහාවද ඇතුළුව තම ජය ලබා ගත් බව ඔබ අප සැවොම මේ වන විට දනියි.

නමුත් ඩොනල්ඩ් ටරම්ප්ගේ ඇමරිකානු ජනාධිපති වීමේ ගමනේ මුල්ම සිතිවිල්ල හා අවශ්‍යතාවය ඇති කිරීමට මූලික වුණ පුද්ගලයා ඩිමොක්කරටික් පක්ෂයේ හිලරි ක්ල්න්ටන්ට සහය දැක්වූ බැරැක් ඔබාමා කිව්වොත් ඔබ පිළිගන්නවාද? කෙටියෙන්ම පැවසුවහොත් අද ටරම්ප් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ සිට තරග කර ජය ගැනීම දක්වාම මූලික සහය ලැබුණේ වර්තමාන ඇමෙරිකානු ජනාධිපති ඔබාමාය.
එය මෙසේ සිදුවිණි.

ඇමෙරිකාවේ වාර්ෂිකව පවත්වනු ලබන  White House Correspondents' Dinner  2011 වර්ෂය වෙනුවෙන් ධවල මන්දිරයේ පැවැත්වුණා. එවකට ධනවත් ව්‍යාපාරිකයෙක් හා අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් විවේචනය කරන්නෙක් ලෙස ඔහු ජනතාව අතර නිතර තිතර කතාබහට ලක්වුණා. වැදගත්ම දෙය වන්නෙ රටේ ජනාධිපති බැරැක් ඔබාමාව සුපසිද්ධව විවේචනය කරන්නෙකුද වුණා එකට.
2011 මෙම සිදුවීම්වලට උණුසමත් එක්කම ජනපති ඔබාමා ටරම්ප්ට තම සාදය සදහා ආරාධනා කිරීමද, ටරම්ප් සාදයට සහභාගී වීමද  ලෝක මාධ්‍යය  මුල් පුවතක් ලෙස දැක්වූවා.

සාදයේ අතරතුර දී  මයික් එක අතට ගත් ඔබාමා සම්භාවනීය අමුත්තන් හා මාධ්‍ය ඉදිරයේ අපහාස උපහාස සිදු කරමින් ඩරම්ප් ව දැඩි  ලෙස විවේචනය කරමින් ඔහුගේ කතාව සිදුකරන ලදි.
සියළුම අපහාස හමුවේ ඒ මොහොත අපහසුවෙන් විද දරාගත්  ඔහුගේ සිතේ ඇමෙරිකානු මුල් පුරවැසියා නැතිනම් ලෝක බලවතා වීම යන්න මුල් බැස ගත්තේ එදා.
නමුත් අද ඔබාමාට තමන්ගේ තමන්ගෙන් පසු රට බාරදීමට සිදු වී තිබෙන්නෙ ටරම්ප්ට වීම දෛවයේ සරදමක් බව දේශපාලනික විශ්ලේෂකයන් දක්වයි.
අභියෝගවලට අභියෝග කරන්න, එවිට අභියෝග ඔබට අභියෝගයක් නොවෙයි.

ඉහත සිද්ධියට අදාළ ඡායාරූප
ඔබාමා කථාව සිදුකරමින්

මාධ්‍ය ටරම්ප් සාදයට පැමිණීම දැක්වූ අයුරු


ඔබාමාගේ විවේචන හමුවේ සිනාසෙම්න් සිටින ටරම්ප්


ඔබාමාගේ විවේචන හමුවේ සිනාසෙම්න් සිටින ටරම්ප්

ඔබාමා රැස්ව සිටි පිරිසට දැක්වු ටරම්ප්ට එරෙහි ඡායාරූපය


මාධ්‍ය සාකච්චාවලදී ටරම්ප් ඔබාමා විවේඡනය කරමින් අදහස් දැක්වීම ( සාදයට පෙර)

මාධ්‍ය සාකච්චාවලදී ටරම්ප් ඔබාමා විවේඡනය කරමින් අදහස් දැක්වීම ( සාදයට පෙර)
ඔබගේ අදහස් අපිට කියන්න..

No comments