Breaking News

Latest
මියගියත් අදටත් ජීවතුන් අතර ඉන්නවා කියල සැක කෙරෙන සුප්‍රකට සහ කුප්‍රකට පුද්ගලයන්ගෙ මරණ 5ක් ගැන තොරතුරු. අදටත් නොවිසඳුන අභිරහස් ඉතුරු කරල අපි අතරින් සමුගත්ත තවත් ජනප්‍රිය පුද්ගලයො බොහොමයක්ම ඉන්නවා. මේ සමහරක් අයගෙ මරණ සම්බන්ධව ගෙතිල තියන අභිරහස් කතා සහ මතවාද විශ්වාස කරන්න හිතෙන තරම් කරුණු කාරණා සහිත ඒව. තවත් ඒවා විස්වාස කරන්න බැරි තරම් විස්මය ජනකයි…
1. කුනාල් සිං




කුනාල් සිං කියන්නෙ දෙදාස් මුල් ගණන් වල බොලිවුඩ් සහ කොලිවුඩ් සිනමාවෙ කැපී පෙනෙන රඟපෑම් කීපයකටම දායක වෙච්ච නලුවෙක්. ලංකාවෙ අයට නම් කුනාල් සිංව මතක් වෙන්න ඕනෙ “දිල් හි දිල් මේන්” චිත්‍රපටයෙ මේ සින්දුව ඇහුවම.
 
2008 පෙබරවාරි 7 වැනිදා ගෙල වැළලාගැනීමෙන් සියදිවි හානි කරගත්ත කුනාල්ගේ මළසිරුර ඔහු ජීවත් වෙච්ච මුම්බායි තට්ටු නිවාසෙකදි හමුවෙනව. කුනාල් සියදිවි නසාගන්න මොහොත වෙනකොට කුනාල් එක්ක තවත් නිළියකුත් මේ නිවසේ ඉන්නවා. කොහොම වෙතත් කුනාල් ගෙල වැළලාගන්නකොට තමන් හිටියෙ නාන කාමරයේ බවයි මේ නිළිය කියන්නේ. සැක කටයුතු කිසිවක් සොයාගන්න බැරි වෙන නිසා මේ මරණය සියදිවි හානිකරගැනීමක් හැටියට පොලිසිය තීරණය කරනවා. හැබැයි මේ අදහසට එක පුද්ගලයෙක් විරුද්ධ වෙනව. ඒ තමයි හිටපු හමුදා නිලධාරියෙක් වන කුනාල්ගෙ පියා. කුනාල්ගෙ මළ සිරුරේ තැන් කීපයක සටහන් වෙලා තියන තුවාල නිසා ඔහු කියන්නෙ මේක සියදිවි නසාගැනීමේ සිදුවීමක් නොව මීනීමැරුමක්ය කියලයි. සිනමාවේ අසාර්ථක වීම් නිසා කාලෙන් කාලෙට කුනාල් මානසික පීඩාවකින් කල්ගත කලත්, ළඟදීම අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වීමට සිටි නිසා කුනාල් සන්තෝෂයෙන් කාලෙ ගත කරමින් හිටි බවයි ඔහුගේ පියා කියන්නෙ. මේ නිසා සියදිවි නසාගැනීමට කුනාල්ට කිසිම හේතුවක් නොතිබුණ බවට පියා තරයේම කියා හිටිනව.
කුනාල්ගෙ මරණය සිද්ධ වෙලා කාලයක් ගත වුණාට පස්සෙ එකවරම ඔහුගේ මරණයට සැකපිට කුනාල් මියයන මොහොතේ නිවසේ හිටිය නිළියව අත් අඩංගුවට ගන්නවා. මෙහිදී කුනාල්ගේ අභිරහස් මරණය සම්බන්ධව ඒ නිළියගෙන් ප්‍රශ්න කරනු ලබන්නේ Lie Detector එකක ආධාරයත් ඇතිවයි. මේ ප්‍රශ්න කිරීම් වලදී ඇය කියපු පිළිතුරු කීපයක්ම බොරු හැටියට සටහන් වෙලා තියෙන්නේ මේ මරණය ගැන අභිරහස තවත් අවුල් ජාලයකට හෙළමින්. කොහොම වෙතත් සාක්ෂි මද කම නිසා මේ මරණය සියදිවි නසාගැනීමක් නොවේයයි ඔප්පු කරන්නට අදටත් නොහැකි වෙලා තියනවා.

2. හැන්සි ක්‍රොන්යේ
මුදල් පසුපස යාම නිසා තමන්ගෙ කීර්තිය අහිමි කරගත්ත හැන්සි ක්‍රොන්යේ ගැන අපි මීට කලිනුත් අපේ ලිපියක සඳහන් කලා. 2002 වර්ෂයේ ජුනි 1 වැනිදා හැන්සි ක්‍රොන්යේට ඔහුගේ ජීවිතයත් අහිමි වෙනවා. ඒ ගුවන් අනතුරකට ලක්වීම නිසා. අවාසනාවන්ත අනතුරක ප්‍රතිඵලයක් හැටියට මේ මරණය පෙනුණත් මේ අනතුර හිතා මතා ක්‍රොන්යේව මරණයට පත් කරන්න සිදු කරපු එකක් බවටත් මත පළවෙනව.
2000 අවුරුද්ද විතර වෙද්දි මුදලට තරඟ පාවාදීමේ චෝදනාවන් සුළි කුණාටුවක් වගේ ලෝක ක්‍රිකට් පිටිය පුරා හමා යන්න පටන් ගන්නව. හුඟක් ක්‍රීඩකයන්ගෙ නම් මේ අපකීර්තිමත් ක්‍රියාවලට ඈඳෙද්දි ඒ ක්‍රීඩකයො හුඟ දෙනෙක් තමන් හා බුකී කරුවන් අතර සම්බන්ධය ගොඩ නැගූ පුද්ගලයා හැටියට ඇඟිලි දිගු කරන්නෙ ක්‍රොන්යේටයි. මේ නිසා ජීවිතාන්තය දක්වා ක්‍රිකට් සම්බන්ධ කිසිදු ක්‍රියාවක නියැලීමට ක්‍රොන්යේට තහනමක් පැණවෙනව. තමන්ගෙ ජීවිතේ ක්‍රිකට් සම්බන්ධ පරිච්ඡේදය නිමා වීමෙන් පස්සෙ ක්‍රොන්යේ ගිණුම් කළමණාකරුවෙක් හැටියට රැකියාවක නියැලෙන්න පටන් ගන්නවා. එක් දිනක් ව්‍යාපාරික සංචාරයක් අතරතුරදී ක්‍රොන්යේට වෙනදාට තමන්ගෙ ගමරට බලා යන ගුවන් යානය මගහැරී යනවා. ඔහු කරන්නේ ඒ වෙනුවට වෙනත් භාණ්ඩ ප්‍රවාහණ ගුවන් යානයක ගමන් කරන්නෙ අවසර ලබාගන්න එකයි. ඒ තමයි ක්‍රොන්යේ තමන්ගෙ ජීවිතයේදි කරන අවසාන ගුවන් ගමන. ගමන අතරතුරදී සිද්ධ වෙන යාන්ත්‍රික දෝෂයක් නිසා මේ යානයේ ගමන් කල එකම මගියා වුණ ක්‍රොන්යේත් යානයේ නියමුවන් දෙදෙනාත් ජීවිතක්ෂයට පත් වෙනවා.
ක්‍රොන්යේගේ අවාසනාවන්ත මරණය පසුපස අදටත් නොවිසඳුණ අභිරහස් සිදුවීම් බොහොමයක් තියනවා. ක්‍රොන්යේට ගුවන් යානය මගහැරීම නිසා වෙනත් ගුවන් යානයක ගමන් කරන්න සිදුවීමත්, ඒ යානය යාන්ත්‍රික දෝෂයකට ලක්වීමත් අහම්බයක් නොව සූක්ෂම සැලැස්මක කොටසක් බවට මත පල වෙනවා. බුකී කරුවන් සහ තරඟ පාවාදීම් සම්බන්ධ කරුණු බොහොමයක් ක්‍රොන්යේ දැන සිටීම නිසා ඒ කරුණු හෙලිවේවි යැයි බියෙන් බුකී කරුවන් සහ පාතාලයන් විසින් අදාල ගුවන් යානයේ යාන්ත්‍රික දෝෂයක් ඇතිකොට ක්‍රොන්යේගේ මරණය සිද්ධ කරන්නට ඇති බවයි ප්‍රසිද්ධම මතය.

 
 

No comments