Breaking News

Latest

කොල්ලෙක්ට කුකින්ග් පුලුවන් එක කොයිතරම් වාසිද

මල්ලි කුකින්ග් පුලුවන්ද? එහෙම අහපු ගමන් ඕන බුවෙක් හිතයි අපි අලුතින් දාන හෝටලේකට කුකෙක් හොයනවා කියලා. මෙන්න මේක තමයි ආතල්ම සීන් එක. දැන් අපි දකින ලොකු හෝටල් වල හෙඩ් චෙෆ්ලා විතරක් නෙවෙයි, ටවුමේ හෝටලේ ඉන්න කුක් වුනත් පිරිමි. හැබැයි පොදුවේ ගොඩක් දෙනෙක්ගේ ඔලුවේ තියෙන කතන්දරයක් තමයි උයන්න පිහන්න දැනගෙන ඉන්න ඕන ගෑල්ලමයි කියන එක. ඇයි කොල්ලෙක්ට උයන්න පිහන්න ඉගෙන ගන්න එක පිරිමිකමට මදිකමක් වගේද? එහෙම හිතන අයත් ඉන්නවා. හැබැයි ගොඩක් කොල්ලෝ විතරක් නෙවෙයි, කෙල්ලොත් ඔය කුකරි කලාව ඉගෙනගන්නවත් උනන්දුවක් නැත්තෙ කම්මැලිකම නිසා. ඉතින් මේ කියන්න යන්නේ කොල්ලෙක්ට ඉවුම් පිහුම් දැනගෙන ඉන්න එකේ තියෙන වටිනාකම ගැන පොයින්ට්ස් කීපයක්. හොටෙල් එකක චෙෆ් කෙනෙක් වෙන්න තරමට ඕන නෑ. හැබැයි හදිසියකට බතක් සම්බෝලයක් හදාගන්න තරමට, එතකොට ගෑල්ලමයට සංග්‍රහ කරන්න ස්පෙෂල් කෑමක් හදාගන්න තරමට, එහෙමත් නැත්තං අඩුම තරමින් කෙල්ල උයන වෙලාවකට කුස්සියට ගිහින් සප් එක දෙන්න තරමට හරි කුක් වැඩේ දැනගෙන හිටියනං කියලා හිතෙයි ඊට පස්සේ.
1. කෙල්ලෝ කැමති උයන්න පුළුවන් කොල්ලන්ට

මේක ගැන කියන්න ඉතින් හොලිවුඩ් වලට යන්න ඕන නෑ. කෙල්ලෙක්ගෙන් අහල බලන්න පොඩ්ඩක් උයන්න පිහන්න දන්න කොල්ලෙක් ගැන මොනවද හිතන්නේ කියලා. කෙල්ලගේ මූණේ හිනාවෙන්ම තේරෙයි වැඩේ. ඇත්තටම උයන්න පිහන්න දන්න එක කොල්ලෙක්ට ප්ලස් පොයින්ට් එකක්. කෙල්ලෝ කැමතියි ඉන්ස්ටන්ට් සැෂේ එකක් කඩලා තේ එකක් හදනවට වඩා කුකින්ග් දන්න කොල්ලෙක්ට. මේකේ ආතල් එක තව වැඩි වෙන්නේ දවසක යාලුවෙලා ඉන්න කෙල්ලට තමන්ම හදපු කෑමකින් සංග්‍රහ කරන්න පුලුවන් වුනොත්. ෆුල් ප්‍රංස නමක් තියෙන කෑමක් තමන්ගේ විදියට හදලා මේක මගේ සිග්නේචර් ඩිෂ් එක, කාලා බලලා කියන්න කිව්වහම සුහ්!

2.බෝඩිමක වුනත් ගේමක් නැතිව ඉන්න පුළුවන්
දැන් අපි හිතමු කොල්ලෙක් ඉන්නේ ගෙදරින් දුර බැහැර ඇනෙක්ස් එකක් හරි ඒ වගේ නවාතැනක් හරි අරගෙන කියලා. ගොඩක් වෙලාවට රස්සාවට නැත්තං ඉගෙනගන්න එකට ඔහොම ඉන්න වෙනවනේ අනන්තවත්. දැන් උයන්න පිහන්න දන්නෙ නැති ඩයල් එකකට මොකද වෙන්නේ. කන්න වෙන්නේ කඩෙන්. සමහරවිට බොහොම අඩු ගාණකට වෙන්න පුලුවන් කඩෙන් කන්නේ. හැබැයි මතක තියාගන්න. කඩෙන් කොච්චර අඩුවට කෑම ගත්තත් ඊට වඩා අඩු වියදමකින් ගෙදර කෑම එකක් හදාගන්න පුලුවන්. අනික බඩුමුට්‍ටු ගේන්නේ දවස ගාණේ නෙවෙන නිසා තවත් ලාබයි. අනික කටට රසට, පිරිසිදුවට, තමන් ආස කෑමක් ආස විදියකට හදාගන්නත් පුලුවන් කියන වාසිය සල්ලි වලටත් වඩා වටිනවා.
3.‌බයෙන් බයෙන් ජාරා කඩ කෑම කන්න ඕනේ නැහැ   
ඔය උඩ කිව්ව විදියට තනියෙන් ඉන්න හාදයන්ට උයන්න බැරි වෙන එකේ ලොකුම අවුලක් තමයි කඩෙන් තියෙන දෙයක් කන්න වෙන එක. ඒ කිව්වේ මේ කෑම හදලා තියෙන්නේ බොහොම සෞඛ්‍ය සම්පන්න විදියටද, පිරිසිදුවටද වගේ සීන් හොයන්න ගියොත් කඩේ මුදලාලි කැල්කියුලේටරෙන් ගහල පන්නයි. අනික ඔය ජන්ක් ෆුඩ් එහෙම වුනත් කනකොට අපිට ඕන විදියට ගන්න බෑනේ. තෙලේ බදින කෑමක් ගන්නවනං බදින්න ගත්ත තෙල් එක සති දෙකක් පරණයි කියලා අපිට කරන්න දෙයක් නෑ. හැබැයි අපි ගෙදර කෑම හදාගන්න දන්න ආඩම්බරකාර කොල්ලෙක් නං ඔය ජන්ක් ෆුඩ් එකක් වුනත් සෑහෙන්න සෞඛ්‍යයට හිතකර විදියට ගොඩදාගන්න ඇහැකි. 
4.පොඩි කෙක් කෑල්ලක් ඇති ලකුණු 100 ක් දාගන්න
කුකින්ග් කිව්වහම බේකින් එහෙමත් අයිති වෙනවා. ඉතින් පරිප්පුවක් මාලුවක් උයාගන්න දැනගන්නවා වගේම ඔය කේක් එකක් හදාගන්න, චොකලට් බ්‍රවුනි එකක් හදාගන්න වගේ  ඉස්පෙෂල් කුකින් වැඩත් දැනකියාගෙන ඉන්න එක සෑහෙන්න වටිනවා. හිතලා බලන්න. ගෑල්ලමයගේ බර්ත්ඩේ එක එනවා. අපි ගෙදර හදපු චීස් කේක් එකක් නැත්තං චොකලට් බ්‍රවුනි කෑලි ටිකක් ලස්සනට පැක් කරලා දෙනවා. කොහොමද වැටෙන ලකුණු ටික!  
5.නෝනාට කුස්සියේ නිවාඩු දෙන එක හොද නැද්ද එක දවසටවත්

අපි දන්න ඩයල් එකක් හිටියා පොරට සුපිරියටම කුකින්ග් පුලුවන්. මිනිහට උයන පිහන වැඩේ පුංචි කාලේ ඉඳන්ම හුරු කරලා තියෙන්නේ පොරගේ මෑණියන්දෑ. උන්දෑ කිව්වලු “පුතා උඹ උයන්න ඉගෙන ගත්තොත්, නෝනා තරහවෙලා ගෙදර ගියපු දාකට වුනත් බඩගින්නේ ඉන්න වෙන්නෙ නෑ” කියලා. කොල්ලා තාම එහෙම වයිෆ් දමලා ගහලා ගෙදර යන විදියේ වැ‍රැද්දක් කරගෙන නෑ. හැබැයි ඉතින් සූදානම් සරීරෙන් ඉන්න එකේ අවුලකුත් නෑ. එච්චර දුර යන්න ඕන නෑ. අපි කියමු ගෙදර කවුරුවත්ම නැති දවසක්ය කියලා. ඉතින් එහෙම දවසක් කියලා බතක් මාලුවක් උයාගන්න දන්න කොල්ලෙක්ට බඩගින්නෙ ඉන්න වෙන්නෙ නෑ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ 
6.කෙල්ලට ඩේට් ඉන් එකකට උනත් ආරාධනා කරන්න පුළුවන් බය නැතිව
අපි කියමු උයන්න පිහන්න, බේක් පාරක් දාන්න දන්න කොල්ලෙක් ඉන්නවා කියලා. දැන් කෙල්ලෙකුත් ඉන්නවා නං, කෙල්ලට තමන් ඉන්න තැනට එන එක අවුලකුත් නැති නං, කොල්ලට කුකින් ස්කිල්ස් තියෙන එකේ මෙහෙම වාසියක් තියෙනවා. අපි කියමු දෙන්නත් එක්ක එලියට ගිහින් කාලා එන්න සල්ලි බාගේ අතේ නැති දවසක් හරි යන්න බෑ බෑ වගේ දවසක් හරි කියලා. කෙලින්ම කෙල්ලට ඩේට් අවුට් එකකට නැතුව ඩේට් ඉන් එකකට ආරාධනාවක් දෙන්න පුලුවන්. දවාලක වගේ නං තමන්ගේ එක්ස්පර්ට් සිග්නේචර් ඩිෂ් එක හදලා ඩිසර්ට් එකක් එහෙම හදලා තියන්න පුලුවන්. රෑට කෑමක් නං කෙලින්ම කැන්ඩ්ල් ලයිට් ඩිනර් එකක් සෙට් කරන්න පුලුවන්. ඊට පස්සේ ඉතින් ගෑණු ළමයා මගෙ කොල්ලා දස්සයා කියලා රිවෝඩ් එකක් එහෙම දුන්නොත් උදේට බ්‍රෙක්ෆස්ට් එකත් හදලා දෙන්න පුලුවන්!

7.තමන්ටම උයන්න පුළුවන් වීම කොල්ලෙක්ට ලොකු හිතට නිදහසක්
උඩ තියෙන හැමදේමත් හරි, කුකින් කියන්නේ හිතට බොහොම නිදහසක් ගේන විනෝදාංශයක් කියන එක පිළිගන්නවද පුතා? හිතලා බලන්න ඔය රෙසිපි පොතක් අරගෙන ඒකේ තියෙන හිතට අල්ලන අමුතු ඩිෂ් එකක් හදන එක, එතකොට තමන්ගේ නිර්මාණශීලීත්වය පාවිච්චි කරලා ඒ රෙසිපි එකේ තියෙන දේවල් එහා මෙහා කරලා තව වෙනස්ම රස තියෙන ආතල් කෑමක් හදන එක මරු විනෝදාංශයක් නෙවෙයිද? තමන්ගේ විදියට සුපිරියට හදාගත්තු කිචන් එකක තමන්ගේ ක්‍රමේට කෑමක් හදන එක හිතට සැහැල්ලුවක් ගේන වැඩක් නෙවෙයිද? කොහොමත් කුකින් කියන්නේ වස කම්මැලි වැඩක් වෙන්නේ සතියට දවස් හතක්, උදේ රෑ දෙකේම ඒක වැඩක් විදියට කරන්න වුනහම තමයි. හැබැයි ඒක තමන්ගේ ආතල් එකට කරන වැඩක් කියලා දැනෙනකොට ඒ කම්මැලිකම නැතුව යනවා. ඉතින් මෙහෙම විනෝදාංශයක් තිබ්බා කියලා කොල්ලෙක්ගේ කොලු ගතිය නැතිවෙන්නෙ නෑ සමහරු හිතන විදියට. ඊට වඩා කොල්ලෙක්ට වැඩි වටිනාකමක් ලැබෙනවා කිව්වොත් හරි

No comments