Breaking News

Latest

උසස් පෙළට ආපු අලුත් විෂය

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ අසමත් සිසුන් වෙනුවෙන් හඳුන්වාදුන් නව විෂය ධාරාව ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
උසස් පෙළට හඳුන්වාදුන් එම විෂය ධාරාව ‘වෘත්තීය විෂය ධාරාව‘ ලෙස නම්කර තිබෙන අතර ඉකුත් 2016 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට නව විෂය ධාරාව යටතේ උසස් පෙළ හැදැරිය හැකි බවද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
සාමාන්‍ය පෙළ අසමත් හෝ ගණිතය අසමත් සිසුන්ට වෘත්තීය විෂය ධාරාව හැදැරිය හැකි අතර පළමු පියවරේදී රටපුරා තෝරාගත් පාසල් 42ක සිසුන් 5000ක් තෝරාගෙන එම වැඩ පිළිවෙල ආරම්භ කරන බවද එම අමාත්‍යංශය ප්‍රකාශ කරයි

No comments