Breaking News

Latest

ඇපල් ගෙඩියෙන් කෑල්ලක් කාලා තියෙන APPLE ලොගෝ එකේ තේරුම

ඇපල් සමාගමේ ලෝගෝ එකේ තියෙන්නෙ ඇත්තටම ඇපල් ගෙඩියෙන් කෑල්ලක් කාලා.
ඇත්තටම දන්නවද ඒ මොකද කියලා.
පළමු ඇපල් ලෝගෝ එක 1976
මුලින් ඇපල් සමාගමේ සලකුණ ඒ කියන්නේ ලෝගෝ එක වුණේ  Isaac Newton  ඇපල් ගසක් යට වාඩිවී සිටින රූපයක් මෙහි නිර්මාතෘ Ronald Wayne. මෙය 1976 දී ඒ කියන්නේ මුල්ම ලෝගෝ එක වශයෙන් Apple Computers CO වෙනුවෙන් නිර්මාණය වුණා.


  හැබැයි මේක අවුරුද්දක් විතරයි පාවිච්චියට ගත්තේ මොකද කියනවනම් ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් සලකුණට එච්චරම කැමති වුණේ නැහැ. පසුව ස්ටීව් ජොබ්ස් නැවතත් වෙනත් designer
දෙවන ලෝගෝ එකේ නිර්මාතෘ රොබ් ජැනොෆ්
කෙනෙක්ට logo එක නිර්මාණය කරන්න බාර දෙනවා ඔහු Rob Janoff. ඔහුගේ නිර්මාණය වූයේ කොටසක් කන ලද ඇපල් ගෙඩියක් , මෙම logo එකට කැමතිවුන Steve Jobs මේකට දේදුන්නේ පාට (rainbow colours) එකතු කරලා ඇපල් සමාගම සඳහා නව logo එක නිර්මාණය කරන ලදී . මෙහිදි
දේදුන්නේ පාට (rainbow colours) යොදා ගැනීමට හේතුව වුයේ ඒ කාලයේ පැවතියේ වර්ණ දෙකක ලෝගෝ ය. හැමවිටම වෙනසක් කරන්න හිතන ඔහු එම වර්ණ යොදාගත්තා.
ඇපල් නිර්මාතෘ වර්ණ එකතු කරපු කෑල්ලක් කාපු ඇපල් ලෝගෝ එක 1977

   මෙහිදී සම්පූර්ණ ඇපල් ගෙඩියක් වෙනුවට කෑල්ලක් කාපූ  ඇපල් ගෙඩියක් යොදාගැනීමට හේතුවූයේ 
1 ඇපල් ගෙඩියක් ද තක්කාලී ගෙඩියක්ද යන්න වෙන්කර ගැනීමට මිනිසුන්ට ගැටළු ඇති නොවීමට.
2 මිනිසුන්ට  බයිට් Bites වචනය සමීප කිරීමටය (
He tried punning on words ‘bite’ and ‘byte’ (to lend a geeky flavor to the fruit))


ඇපල් සමාගමේ මෙම ලෝගෝ එකද අද දවස දක්වා පහත පරිදි විකාශය වී ඇත. අද වන විට ඔවුන් භාවිතා කරන ලෝගෝ එක 2007 සිට පවතින එකයි. එය Chrome Version ලෙස හදුන්වයි .


තොරතුරු අන්තර්ජාලය ඇසුරින්

No comments