නාසා අායතනෙය් අැබෑර්තු
අමෙරිකාවේ නාසා ආයතනයේ අමුතුම මාදිලියේ රැකියා අවස්ථාවක් සඳහා ඉල්ලුම්පත් කැඳවා තිබේ. මේ රැකියාව ලබාගන්නා තැනැත්තාට අයත් රාජකාරිය වන්නේ පිටසක්වල ජීවීන්ගෙන් මෙලොව රැක ගැනීමය. NASA හි අලුත් රැකියාව සඳහා සුදුසුකම් ලබන තැනැත්තාට ඉලක්කම් හයක එනම් කෝටි ගණනක වැටුපක් වාර්ෂිකව වෙන්කර තිබේ. එය ඩොලර් 187,000කි. සේවාකාලය වසර තුනක් වන මේ කොන්ත්‍රාත්තුව තවත් වසර දෙකකට දිගු කිරීමටද අවස්ථාව තිබේ.

බ්‍රහස්පතිගේ චන්ද්‍රයකු වන හිම පිරි යුරෝපාද ඇතුළුව අභ්‍යවකාශය පුරා ගමන් රාශියක් NASA ඉහත කී නිලධරයාගේ ඉදිරි සේවා කාලය තුළ සංවිධානය කර තිබේ. NASA මෙම ගමන් යන්නේද පිටසක්වල ජීවන් ඇතිදැයි සෙවීමටය. එහෙයින්ම මේ නිලධරයාට වැඩ බහුල කාලයක් එනවා නිසැකය.
No comments
Post a Comment