Friday, February 3, 2017

1948 දී නිදහස සැමරුව හැටි | 2017.02.04

වර්ෂ 1948 පෙබරවාරි 04 වෙනි දින ශ්‍රී ලංකාවට අරුණ නැගුනේ නිදහසේ ආලෝකයත් සමගයි. එකසිය තිස් තුන් වසරක් බ්‍රිතානයන්ගේ විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව නිදහස් බිමක් වුයේ එදායි.මේ ඒ අයිතිහාසික දිනය ගැනයි.
මිට දින කිහිපයකට පෙර 69 වෙනි නිදහස් උත්සවය අපි සමරුව.එම උත්සව මාලාවේ පළමු නිදහස් උත්සවය අපට අමතක කල නොහැකිය,එම දිනය මුළුමහත් ශ්‍රී ලංකාවටම විශිෂ්ට මෙන්ම අතිශය ප්‍රීතිමත් දිනයක් විය.

නිදහස උදා වීම.
sri_lanka_flagශ්‍රී ලංකාව නිදහස් රාජ්යක් බවට පත් වුයේ ඩොමිනියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක විමෙනුයි.එම වයවස්තාව යටතේ 1948 පෙබරවාරි 04 වෙනිදා පෙ.ව.7.30 ට එළබෙන සුබ මොහොතීන් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වශයෙන් සර් මොක්ස්‌ මේසන් මුවර්තුමා ,සර් ජෝන් හොවාර්ස් අගවිනිසුරු වරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.මේ දිවුරුම් දීම සිදු වූනේ කොලඹ රජ වසලේදී.එදින රතිඤඤා හඩින් මුළු රටම ගිගුරුම් දුන්නා.සැම පන්සලකම ඝන්ටා නාද වූනා.නිදහස නිමිති කරගෙන පෙබරවාරි 4 වෙනිදා සිට 14 වෙනිදා දක්වා රජයෙන් උත්සව මාලාවක් සංවිධාන කර තිබුනා.නිදහස් උත්සවය නිමිති කරගෙන සිරකරුවන් 1883 දෙනෙකුට නිදහස හිමි වූනා.මරණිය දණ්ඩනයට නියමව සිටි සිරකරුවන් 9 දෙනෙකුද එදින නිදහස ලැබුවා.මෙම 4,5 දෙදින තුල සත්ව ඝාතන ස්ථාන වසා දැමුවා.පෙබරවාරි 4,10,11,12, යන දින රජයේ නිවාඩු දින ලෙස නම් කෙරුණා.වාරායේ නැව්,රජයේ ගොඩනැගිලි,ආගමික ස්ථාන,නිවෙස් ආදී ස්ථාන සියල්ලකම සිංහ කොඩි ලෙල දුන්නා.කොලඹ පැවති නිදහස් උත්සවය නැරබීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන්ද ක්‍රියාත්මක වූනා.

ප්‍රධාන ආරාධිතයා
නිදහස් උත්සව මලාවේ ප්‍රධාන ආරාධිතයා වූයේ ග්ලොස්ටර්හි ආදිපාදතුමායි.එතුමා 6 වෙනි ජෝර්ජ් රජුගේ බාල සොහොයුරෙක්.එතුමා කලක් බ්‍රිතාන්‍යට අයත් රට වල ළමා සංගම් පිළිබද ජාතික සංගමයේ සභාපති වරයා ලෙසද කටයුතු කලා.1945 සිට 1947 දක්වා ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකර දුරයද හෙබවූ එතුමා අල්ටර්හි අර්ල් පදවියද දරා තිබෙනවා. බ්‍රිතානයන්ට යටත් වීමෙන් පසුව බ්‍රිතානයට ගෙන යන ලද රාජසිංහ රජුගේ සිංහාසනය ,ඔටුන්න ඇතුළු කෘතුක භාන්ඩ 1934 දී නැවත ශ්‍රී ලංකාවට බාරදුන් ලැබුවේද ග්ලොස්ටර්හි ආදිපාදවරයාගේ මැදිහත් වීමෙනුයි.පෙබරවාරි 5 වෙනිදා එතුමත් එතුමාගේ භාර්යාවත් නිදහස් උළෙල වෙනුවෙන් මෙරටට පැමිණියා.ඔවුන්ව පිලිගනු ලැබුයේ අග්‍රආණ්ඩුකාරවරයා හා මහාමාත්‍යවරයා විසිනුයි.කොලඹ බලා යන ගමනේදී එම දෙපල පිලිගැනීමට උත්සව රැසක සංවිදානය කර තිබුනා.

ප්‍රථම නිදහස් උත්සවය
prathama nidahs uthsawa shalawaනිදහස් උත්සව මාලාවේ ප්‍රදානම උත්සවය වූනේ 1948 පෙබරවාරි 10 වෙනිදා පැවැත්වූ ප්‍රථම පාර්ලිමේන්තු සභා වාරයයි.මෙම උත්සවය පැවැත්වීමට මහනුවර මගුල් මඩුවේ හා පුරාණ ඇතන්ස් නුවර හර්තොන් ශාලාවේ ආකෘතිය ඇසුරෙන් කොලඹ නිදහස් චතුරශ්‍ර භූමියේ උත්සව ශාලාවක් ඉදිකර තිබුනා.එහි ප්‍රදාන දොරටුව මකර තොරනකින්ද,බිමට රතු බුමු තුරුණු යොදා සකසා තිබුනා.උත්සවය පැවැත්වෙන වේදිකාවේ ග්ලොස්ටර්හි ආදිපාදවරයා අසුන් ගත්තා.අසන වලට ඉහළින් විශේෂ පිථයක්‌ තනා තිබුනා.ඒ පිථය මත වුයේ අපේ අවසන් රජතුමා වූ ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ සිංහාසනයයි.නිදහස් උත්සවයට සහභාගි වන්නන්ටද අාසන දස දහසක් පැනවූ විශාල ශාලාවක්ද ඉදිකර තිබුනා.   ප්‍රථම නිදහස් උත්සව  ශාලාව
නිදහස් පෙරහැර
ග්ලොස්ටර්හි ආදිපාදතුමන් එම මැතිණියන් ආණ්ඩුකාර තුමාගේ නිල නිවසේ (වර්තමාන ජනාදිපති මන්දිරයේ)සිට නිදහස් චතුරශ්‍ර භූමියට පැමිණුනේ විශේෂ පෙරහැර කිනුයි.මෙම පෙරහරට අතර මගදී අතුරු පෙරහැර කිහිපයක්ද එකතු උනා.නියෝජ්‍ය මන්ත්‍රී ගොඩනැගිල්ල (පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල)අසලින් කොලඹ නගරාදීපතිවරයා ප්‍රමුඛ නාගරික මන්ත්‍රීවරුන් පෙරහරට එකතු වුනා.පසුව විශේෂ අමුත්තන්,නියෝජ්‍ය මන්ත්‍රිවරුන්,සෙනට් මන්ත්‍රිවරුන් පෙරහරට එකතු වුනා.පර්සන් හන්දියේදී අලුත්කඩේ ප්‍රදේශයේ සිට පෙරහරකින් පැමිණි අදිකරණ විනිශ්‍යකාරවරුනුත් මහා පෙරහරට එකතු වූනා.පෙරහැර නැරබීමට විශාල ජනකායක් එක්ව සිටියා.

parana parlimenthuwa

නව පාර්ලිමේන්තුව නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලය හා සෙනට් සභාව යනුවෙන් කොටස් 2 කින් සමන්විත් වූනා.ආදිපාදතුමා උත්සව භූමියට පැමිණි අවස්ථාවේ වෙඩි මුර 21 ක් පැවැත්වුවා.ඉන් පසු ලංකා පාබල හමුදාවත් ,නාවික සවෙච්චා සේවක හමුදාවේ ෙගෟරව පෙළපාලියක් පැවතුනා.පෙරහරින් රැගෙන ආ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඔටුන්න හා අසිපත සිංහාසනය මත තැන්පත් කිරීමෙන් පසුව සියලු දෙනා උත්සව ශාලාවේ අසුන් ගත්තා.

නිදහස් පණිවිඩය ඒවා තිබුනේ කව්ද?
sri wicrama rajasinhe rajuප්‍රථම මංගල සභා වාරය පැවැත්වීමේ බලය ප්‍රදාන කෙරුණු ලියවිල්ල කියවනු ලැබුවේ ග්ලොස්ටර්හි ආදිපාදතුමාගේ ෙපෟද්ගලිකද ලේකම් වාරයයි.ඉන්පසු ආදිපාදතුමා හයවන ජෝර්ජ් රජු විසින් එවන ලද ශ්‍රී ලාංකීය නිදහස් පණිවිඩය කියෙව්වා.පණිවිඩය කියවන අවස්ථවේ ආදිපාදතුමා හිස වැසුමද ගැලෙව්වා.ඉන්පසු උත්සව ශාලාවෙන් පිටතට පැමිණ නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අමාත්‍ය ඩි.එස්.සේනානායක මහතා බෙර වාදන මධයයේ සිංහ කොඩිය එසෙව්වා.අනතුරුව අග්‍රාමාත්‍ය වරයා ජාතිය අමතා කතාවක්ද කලා.ප්‍රථම නිදහස් උත්සවයට විවිධ රටවලින් නියෝජිතින් 23 දෙනෙක් පමණ පැමිණ සිටියා.
  
මහනුවර නිදහස් පෙරහැර
D.s Senanayaශ්‍රී ලංකාවට නිදහස ලැබීම නිමිති කරගෙන 1948 පෙබරවාරි 12 වෙනිදා මහනුවර නගරයේ උත්සව කිහිපයක්ම සංවිදාන කරතිබුනා.එහිත ප්‍රධාන ආරධිත අමුත්තා වූයේ ආදිපාදතුමායි.සභානායක එස්.ඩබ්ලිව්.ආර්.ඩි.බණ්ඩාරනායක මහතා අාදිපාදතුමා වෙනුවෙන් හොරගොල්ල වලව්වේ සංග්‍රහයක් සුදානම් කර තිබුනා. එදින පෙ.ව.10 ට අාදිපාදවරයා මල්වතු අස්ගිරි නාහිමි වරුන් බැහැදුටුවා.ඉන්පසුව එතුමා පේරාදෙණිය විශ්වවිදයාලයේ උපාධි ප්‍රදානොත්සවයකටද සහභාගි වූනා.පේරාදෙණිය විශ්වවිදයාලයේ පැවතී ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය එයයි.එදිනම අාදිපාදවරයා විසින් විශ්වවිදයාලයේ නව උත්සව ශාලාවක් ඉදිකිරීමට මුල් ගල තැබුවා.රාත්‍රී 9 ට පමණ පත්තිරිප්පුවේදී සිංහ කොඩිය එසවීමේ ඓතිහාසික අවස්ථාව එලබුනා.වසර 133කට පමණ පෙර බ්‍රිතානයන් විසින් එම ස්ථානයේදී පහතට හෙලන ලද ජාතික කොඩිය එදින අග්‍රාමාත්‍ය ඩි.එස්.සේනානායක මහතා යලිත් ඉහලට එසවුවා.සතුටින් ඉපිලගිය ජනතාව ඒ මොහොතේ සාදු කාර නැගුවා.දළදා මාලිගාව ඇතුළු මුළු මහනුවරම එදා නිදහස් අසිරියෙන් ආලෝකවත් වී තිබුනා.

SWRD bandaranayaka

නිදහස් පණිවිඩය
ශ්‍රී ලංකාවේ නිදහස් පනත ක්‍රියාත්මක වීමෙන් පසු පැවැත්වෙන පාර්ලිමේන්තුවේ පළමුවන සභාවාරයේ විවෘත කිරීමේ භාරදුර්ය යුතුකම මා වෙනුවෙන් සිදු කිරීමට මාගේ සොහොයුරා වන ග්ලොස්ටර්හි ආදිපාදවරයා වෙත පවරුවෙමි.බ්‍රිතාන්‍යය පොදු රාජ්‍ය මණ්ඩලය ඇතුලත සම්පුර්ණ නිදහස් ජාතියක් වශයෙන් වැඩිදියුණු වූ මේ අලුත් සමාජිකයා මා පිළිගන්නේ හෘදයාංගම සන්තුෂ්ටියෙන් බැවින් අද මේ අනුස්මරණිය සුභ අවස්ථාවේදී මාගේ සිතුවිලි නිතැතින්ම ගලා එන්නේ යුෂ්මතුන් වෙතය.
මේ නිදහස් ජනතාවන්ගේ සමාජයේ අභිවෘර්දිය උදෙසා ස්වකිය යුතුකම් සම්පුර්ණ ලෙසත් සශික ලෙසත් සිදුකිරීමට ශ්‍රී ලංකාවේ වෙසෙන මාගේ ජනතාව සෑම අවස්ථාවකම සුදානම්ව සිටින බව මං දනිමි .තවද ඒ යුතුකම් එසේ ඉටුවනතෙක් යුෂ්මතුන්ගේ අලුත් වගකීම් එයට සරිලන සැලකීමෙන් යුක්තව උසුලනු ඇතැයි මං නියත වසහයෙන් විශ්වාස කරමි.මේ ශේෂ්ටතර දිනයේ මගේ නිස්කලංක සුභ පාර්ථනාව යුෂ්මතුන්ට ලබෙන්නේය.සාමායද,ේසෳභාගයෙන්ද,කිසිත් අග හිගයක් නැතිව වැජබෙවා යැයිද මම පාර්ථනා කරමි.ඔබ සැමදෙනාටම අාශිර්වාද කරනා අතරම දෙවියන් වහන්සේ යුෂ්මතුන්ගේ අනාගතය උපද්‍රව වලින් තොරව සුභ දශාපන්න කරත්වායිද මම පාර්ථනා කරමි.

Post a Comment

Share this Blog On Facebook

You may also like

You can also configure the SDK with advanced settings