Breaking News

Latest

Adam’s Peak යන්න Google Map වලින් ඉවත් කොට Sri Padaya කරන විදිය | Part 2 ( Mobile version)

කලින් ලිපියෙන් අපි කතා කරා පරිඝනකය හාවිතයෙන් Adam’s Peak යන්න Google Map වලින් ඉවත් කොට Sri Padaya යන්න පමණක් එහි තිබීමට සැලැස්වීම හරියටම සිදු කරන ආකාරය පිළිබඳව,(ඒ ලිපිය මෙතනින් ලබාගන්න  https://goo.gl/sO2UI2 )

බොහෝ දෙනාගේ ඉල්ලීම මත එය තම Smart Phone එක භාවිතයෙන් සිදුකරන අයුරු අද අපි කියා දෙනවා.

1). මුලින්ම තමන් Google Login වී ඇති Smart Phone එකකින් Google maps application එක හොයාගෙන Open කරගන්න.



2). දැන් දැන් එහි වම්පස ඉහල කෙළවරේ Adam’s Peak ලෙස search කරන්න. එවිට Map එකේ ඔබ Adam’s Peak ලෙස නම් කර ඇති ප්‍රදේශය වෙත රැගෙන යනු ඇති.


3).දැන් ඔබ Adam’s Peak ලෙස Google Map විසින් හඳුන්වන ස්ථානයට ඔබ රැගෙන ගොස් තිබෙනවා. දැන් නැවත වම්පස ඉහල කුඩා හරස් ඉරි තුන ලඟ touch කරන්න.




4). දැන් ඔබට මෙවැනි දිගු Menu වක් ලැබේවි. බලන්න එහි පහල සිට ගත්තම දෙවැන්න. එහි දක්වා තිබෙන්නේ Send Feedback ( යොමුකරන්න ඔබේ දැනුම්දීම ) යනුවෙන්. දැන් එය touch කරන්න.


5) එම ලැයිස්තුවේ මුලින්ම තිබෙන "Report a data problem" touch කරන්න.
6). දැන් map එකේ Adam’s Peak යන්න touch කර රතුපාට සළකුණ තිරයේ දිස්වෙන තෙක් මදක් වෙලා touch කරගෙන සිටින්න.

7).ඉන්පසුව next බොත්තම සකිය වන තෙක් තත්පර කිහිපයක් රැදී සිටින්න. (මේ සදහා ගතවන කාලය ඔබ භාවිතා කරන අන්තර්ජාල සම්බන්ධතාවය මත තීරණය වේ.)
සැයු: සාමාන්‍යයෙන් මේ සදහා තත් 60 ක් පමණ රැදි සිටිය යුතුය

8). සකිය වූ පසු next බොත්තම touch කර එහිදි දිස්වෙන සටහනේ හිස් කොටුව තුළ (හරි) සළකුන යොදා, ”Adam’s Peak යනුවෙන් ඔබගේ සිතියමෙහි දක්වා ඇති ප්‍රදේශය සත්‍ය ලෙසම හඳුන්වන්නේ ශ්‍රීපාදය ලෙසය. ඊට ආදම්ගේ ස්ථානය යැයි කීම සම්පුර්ණයෙන්ම වැරදි දෙයකි. මෙම ස්ථානය Adam’s Peak යනුවෙන් හඳුන්වා දෙනු ලැබුවේ බ්‍රිතාන්‍ය අපව යටත් විජිතයක්ව තබා ගෙන සිටි කාලයේ ඔවුන්ගේ පහසුව සඳහායි. එබැවින් මෙම වරද කඩිනමින් නිවැරදි කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීමයි මේ.”

Hello Google,
This location which is named as ” Adams Peak ” has to be changed to ” Sri Padaya “. Because it is wrong to be called ” Sri Padaya ” as ” Adams Peak. ” ” Adams Peak ” is a term used by British during the colonial era to identify ” Sri Padaya ” for their simplicity. So we request Google to correct this mistake otherwise it would be a false teaching for the next generations as well.
Thanks
 
පණිවුඩය ඉංග්‍රිසි භාෂාවෙන් සටහන් කිරීමෙන් අනතුරුව ඉහත දැක්වෙන >> සළකුණ එබීමෙන් අපට  Google Map වෙත දැනුම්දිය හැකිය.

අපගේ නවමු වූ බ්ලොග් අඩවිය ගැන ඔබේ අදහස් අපිට කියන්න.